ක්‍රි.ව.20 වන ශතවර්ෂයේ දෙවැනි භාගයේදී මෙරට බෞද්ධ පුනර්ජීවනය ආලෝකමත් කල මහාබෝධි සමාගම යටතේ මෙම පාසැල ඇරඹුණි. එවකට පුස්සැල්ල හා නාරංගොල්ල උභය විහාරාධිපති ධුරන්දර අතිගරු පූජ්‍යපාද පුබ්බිලියේ පඤ්ඤාසාර මාහිමියන්ගේ කළමනාකාරිත්වය යටතේ ''මහාබෝධි පැණසර මිශ්‍ර පාඨශාලාව'' නමින් 1954.11.02 වන දින නාරංගොල්ල පුරාණ විහාරස්ථාන බණමඩුවේ දී ගුරුවරුන් තුන්දෙනෙකුගේ හා සිසුන් 30 ක ගේ සංචිතයක් මගින් මෙම විදුහල ජනිත විය.
එදා මෙහි මුල් ගුරුවරයා වුයේ ඩබ්.ලයනල් මහතාය. ඒ.අබේරත්න මහතාගේ ද සම්පූර්ණ ශ්‍රම ශක්තිය යොදා තාවකාලිකව මඩුවක් තුලින් මෙහි පළමුවන ශාලාව ඉදිවිය.
මෙහි වර්තමාන විධුහල්පති ධුරය දරන්නේ කේ.පී.විජයරත්න මහතා විසිනි. මෙම විදුහලේම ආදී ශිෂ්‍යයින් ලෙස හිටපු විදුහල්පති කී.ආර්.ආරියදාස මහතා, හිටපු විදුහල්පති ඩී.ආර්.ආරියවතී මිය, කේ.ජී.ප්‍රේමචන්ද්‍ර මයා, උපගුරුවරියක් ලෙස සේවය කල ඩබ්.ජී.සෝමාවතී මිය ව මෙහි සේවය කිරීම විදුහලේ ඵල බර අතීතය මනාව විදහා පාන්නනකි.
|
ආරම්භ කළ වර්ෂය |
1954 නොවැම්බර් 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩබ්.ලයනල් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පුස්සැල්ල හා නාරංගොල්ල උභය විහාරාධිපති ධුරන්දර අතිගරු පූජ්‍යපාද පුබ්බිලියේ පඤ්ඤාසාර මාහිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මහාබෝධි පැණසර මිශ්‍ර පාඨශාලාව |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නාරංගොල්ල පුරාණ විහාරස්ථාන බණමඩුව |






